මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(14දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.