මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අසළ විශේෂ මෙහෙයුමක්
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ආසන්න ප්‍ර දේශය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
විවිධ තැරුව්කරුවන් විසින් සිදුකරන බව කියන අක්‍රමිකතා පිළිබඳව ලැබී තිබූ පැමිණිලි අනුව මෙම මෙහෙයුම දියත් කර තිබේ.
මේ සදහා ආරක්ෂක අංශ සාමාජිකයන් 75ක් පමණ එක්ව තිබූ අතර සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පු්ගලයන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ව්‍යාජ ලිපි ලේඛණ ළඟ තබාගත් පුද්ගලයන්, ව්‍යාජ රබර් මුද්‍රා ළඟ තබාගත් පුද්ගලයන් ඇතුළු සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් එම කොමසාරිස් කාර්ලයාලය ආසන්නයේ පදිංචිකරුවන් වෙයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් ඒ අවට සිටින වංචාකරුවන්ට නොරැවටී දෙපාර්තමේන්තුව තුළින් සේවා ලබා ගන්නා ලෙස පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
