මේ වන විට බලපා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්රදේශයේ කාර් සේල් එකක අලෙවියට ප්රදර්ශනය කර තිබු මෝටර් කාර් රථ පසෙකලා, පාපැදි, අලෙවියට තබා තිබෙන අයුරු අද (6දා)දැකගත හැකි විය.
රුපියල් පනස් දහසත් අසූ දහසත් අතර මිලක් වෙන පාපැදි මිලගනන් විමසීමට තරුණ පිරිස් දිනපතා පැමිණෙන අයුරුද දැකගත හැකි විය.
කාර් සේල් එකේ ලක්ෂ කෝටි ගණනක රථ වාහන ප්රදර්ශනයට තිබුනත් ඒවායේ මිල ගණන් ඇසීමට හෝ මාස ගානකින් කිසිම පාරිභෝගියෙක් පැමිණ නැති බව එහි සේවකයෙකු සඳහන් කළේය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
