යාපනය අච්චුවේලි පොලිස් වසමේ සිරුප්පිඩ්ඩි ප්රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තිදෙනෙකු ඊයේ (04දා) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
පේදුරුතුඩුව සිට යාපනය ධාවනය වී ඇති මෝටර් රථය මඩත්තඩි මංසන්ධියේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගැටී ඇති බවට මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇතැයි වාර්ථා වෙයි.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 08 හැවිරිදි කුඩා දරුවෙකු සහ දරුවාගේ මව පියා බරපතල තුවාල ලබා සිටියදී ප්රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුත් කිරීමට පියවර ගන්නා ලදි.
අනතුරින් පසුව ප්රදේශවාසීන් සහ මෝටර් රථයේ රියදුරු අතර උණුසුම් තත්වයක් ඇතිවීමෙන් එම ස්ථානයට ගිය අච්චුවේලි පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.
මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රියධාවනය අනතුරට හේතුව බවට සැකපලකරන බවටද පරික්ෂණ සිදුකරන අච්චුවේලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

