බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිස්වලට දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දැනට මාස කිහිපයක සිට මෙම එන්නත බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධාන රෝහල්වල නොමැති වීම නිසා විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයින්ට පෞද්ගලික අංශයෙන් එන්නත ලබාගැනීමට සිදුවන බවද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
බොහෝ විට පෞද්ගලික අංශය තුළද එන්නත නොමැතිවීම නිසා සංචාරකයන්ට වීසා ලබා ගැනීම්වලදී සහ ඇතැම් අප්‍රිකානු හා මැද පෙරදිග රටවලට ඇතුළත් වීමේදී දුෂ්කරතා මතුව ඇති බව වාර්තා වන බවටත් වාර්තා වන බවද පැවසීය.
ඇතැම් රැකියාවන් සඳහා අයදුම් කිරීමේදී ද, මොළේ උණ රෝගය වසංගතයක් ලෙස පැතිර යන බොහෝ රටවල්වල සංචාරය කිරීමට පෙර මෙම එන්නත ලබා ගැනීම අදාළ රටවල් මගින් අනිවාර්ය කොට ඇති බවද සඳහන් කළේය.