පාස්කු දින එල්ල බෝම්බ ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙනු ත්රස්තවාදීන් දෙදෙනෙක්ගේ පියා මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ මොහොමඩ් ඊබ්‍රහීම්ට ඇප ලබාදිමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම ව්‍යාපාරිකයා සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඔහුගේ පුතුන් දෙදෙනා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්රස්තයන් වෙයි.
වසර තුනකට අධික කාලයක් සැකකාර ඊබ්‍රහීම් බන්ධනාගාර ගතව සිටියේය. විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකම පළමු වන හා අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය.