මොනතරම් ප්‍රශ්න තිබුණත් වසන්ත උදානය පවත්වනවා
රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එලඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය ක්‍රිකට් සංගමය දෙවන වරට මෙහෙය වන නුවරඑලිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය (17) දින නුවරඑලිය බ්ලැක්ෆෘල් හෝටලේ පැවති අවස්තාවේදිය.
නුවරඑලිය ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ අමාත්‍ය සි.බි.රත්නායක මහතා වන අතර , එම තරගාවලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි (18) දින සිට පැවැත්වෙයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ නුවරඑලිය වසන්ත උදානය සමයේ සැණකෙළි ගණනාවක් පැවැත්වෙන බවත්, ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑලිය පැමිණෙන බැවින් එම අයගේ ආරක්ෂාව උදෙසා පොලිසියට විශේෂ කාර්ය භාරයක් ඉටු කිරිමට ඇති බවයි.
ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය එක් කණ්ඩායමකට තරග පහක් බැගින් දින 08 ක් නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන අතර,එම තරගා වලිය සදහා අනුග්රහකයන් විසින් එයට අදාල චෙක්පත අමාත්‍යවරයා වෙත පිරිනැමු අතර,අමාත්‍යවරයා විසින් ක්‍රිඩකයන්ගේ නිල ඇදුම් ප්‍රධානය කිරිම මෙම උත්සවයට සමගාමිව සිදු කෙරිණ.
මෙම උත්සවයට නුවරඑලිය ක්‍රිකට් සංගමයේ නිලධාරින් රැසක් සහ නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසත් රණසිංහ මහතාද සහභාගි විය.
popular news
-
Gamarala Saturday, 19 March 2022 06:31 AM
When the big buffelows say like this , what a country is this? Last time deliver corona all over the srilanka. This time ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

