මෛත්‍රීට ආණ්ඩුවෙන් යන්න කියයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට හදීසියේම නින්දෙන් අවිදි වෙලා මෙන් ආණ්ඩුව විවේචනය කරන බවත් ආණ්ඩුවේ සිටම එතුමන් විපක්ෂයේ බලා පොරොත්තු ඉටු කරමින් සිටින බව දක්නට ලැබෙන බව ද සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
අද වන විට පටු දේශපාලන අරමුණු ඇතිව වත්මන් රජය විවේචනය කරන පිරිස් පවා කොවිඩ් මාරයාට බිලි නොවී ජීවත්ව සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා බවත් වත්මන් රජය කොවිඩ් මාරයාට හිස එසවීමට නොදී එන්නත් කරණයට මුල් තැන ලබා දී කටයුතු කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ එයින් දේශපාලන වාසී ලබා ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය කාර්යාගයේදී අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තවදුරටත් මෙසේද කීය.
“ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හදීසියේම නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශ මේ වන විට සිදු කරනවා. එතුමා එච්චර අසතුටින්නම් මේ ආණ්ඩුවේ සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා එතුමා දැන් කරන විපක්ෂයේ කාර්යය බාරය විපක්ෂයටම ගිහින් සිදු කරන එකයි වඩාත් සුදුසු කියලයි අපි දකින්නේ.
මේ වන විට වත්මන් ආණ්ඩුවට තියෙන චෝදනාවක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනම් නොකිරී. මේ චෝදනාවට අපි ලක් වෙලා තියෙන්නේ ඇයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ පාර්ශව කරුවෙකු ලෙස කටයුතු කරන නිසයි.
අද වන විට පටු දේශපාලන අරමුණු ඇතිව වත්මන් රජය විවේචනය කරන පිරිස් පවා කොවිඩ් මාරයාට බිලි නොවී ජීවත්ව සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පිං සිද්ද වෙන්න. වත්මන් රජය කොවිඩ් මාරයාට හිස එසවීමට නොදී එන්නත් කරණයට මුල් තැන ලබා දී කටයුතු කිරීමේදී ඇතැම් පටු දේශපාලන පක්ෂ එයින් දේශපාලන වාසී ලබා ගැනීමට මේ රටේ ජනතාවට කරන ලොකුම ද්‍රෝහි කම ලෙසයි අපි දකින්නේ. ඒකයි ආණ්ඩුව ඇතුලේ සිටම ආණ්ඩුව විවේචනය කරන්නේ ඔය කණ්ඩායම."
popular news
-
Kumar Tuesday, 18 January 2022 04:24 PM
may kiwwadeya ahala reddak andagena parlimentuwata yanna puluwanda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

