මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
තමා ජනපතිධුරයේ කාර්ය මණ්ඩල නඩත්තුව සම්බන්ධයෙන් පුවත්පත්වල හා ඇතැම් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල පළකල ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව සඳහන් කරමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.
“මම ජනාධිපති කාලයේදී මීට පෙර කිසිම ජනපතිවරයෙක් ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා රට වෙනුවෙන්. ඒ ව්‍යාපෘති තමයි ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහන, ජාතික පරිසර වැඩසටහන, ජාතික වකුගඩු රෝග වැඩසටහන, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, අපචාරවලට ලක්වන දරුවන් බේරා ගැනීම වෙනුවෙන් දරුවන් රකිමු වැඩසටහන, කාන්තා හිංසනය වැළැක්වීමට ගෙන ගිය වැඩසටහ, ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළා.
මේ වැඩසටහන් සාර්ථක වුණා. මේ නිලධාරීන්ට ගෙවපු වැටුප් එක්ක තමයි මේ ගාණ හදලා තියෙන්නේ. මේකට පරීක්ෂණයක් ඕන නෑ. මේක නිවැරදි කරන්න කියලා මාධ්‍යයට කියන්න. දීලා තියෙන්නේ වැරදි තොරතුරක්. ඒක නිවැරදි කරන්න මාධ්‍ය ආයතවනට දන්වන්න ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
