තමත් බන්ධනාගාර ගතව සිටි බවත් නාමල් මීට පෙරත් බන්ධනාගාර ගතව සිට ඇති බවත් එය අලුත් දෙයක් නොවන බවත් හිටපු ජනපති
මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින තම වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා බැලීමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
"පලි ගැනීමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරියට කියන්න බෑ. කොහොම හරි දැන් ඇතුළේ. ඇප ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.
මේක අලුත් දෙයක් නෙමෙයි. මීට ඉස්සෙලත් නාමල් හිටියා ඔ්ක ඇතුළේ. මාත් ඉදලා තියෙනවා ඇතුළේ. කිසිම පසුබෑමක් වෙන්නේ නෑ. ඉදිරියට යනවා"