මේ වෙලාවේ මැතිවරණයක් සුදුසු නෑ
මේ රටේ අවස්ථාවාදී දේශපාලුවන්ට ඕන වී ඇත්තේ රට හැදීමට නොව පක්ෂය දියුණු කරගෙන රට විනාශ කිරීමට බව පැවිදි හඩ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසූවේ මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ ඉකුත්දා පැවැති පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමිනි.
"මේ රට වැටී තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය දුන්නා. නමුත් කාගේ හෝ වැරැද්දෙන් එතුමාට ගෙදර යන්න වුණා. ඒකට වගකිව යුත්තේ කවුද කියලා අපි දන්නෙ නෑ .ඒත් වැටී තිබූ අගාධයෙන් රට ගොඩ ගන්න ඉදිරිපත් වුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි.
ඒ අභියෝගය බාර අරගෙන මේ වනවිට ක්‍රමයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගෙන තියෙනවා.ඒත් තව ටික කාලක් එතුමාට දිය යුතුයි. රට සාමාන්‍ය තත්ත්වයට ගන්න. නමුත් අපිට පේන්නේ නෑ විපක්ෂයේ ඇතැම් නායකයින් එතුමාට උදව් කරනවා. දැන් දැන් ඔවුන් ඉල්ලන්නෙ අමාරුවෙන් දුවන රටේ ඡන්දයක් තියන්න කියල. ඒක මේ වෙලාවෙ කළ යුත්තක් නෙවෙයි.ඒකෙන් වෙන්නේ හිස් වෙලා තිබුණු මහා භාණ්ඩාගාරයේ සුළු මුදලක් හෝ ඉතිරි කරගෙන තියෙනවානම් ඒකත් වියදම් වෙන එක විතරයි.
මේ වෙලාවේ රටේ ගොවියට පොහොර ටික නෑ. දරුවන්ට පෝෂදායි ආහාර ටික නෑ .දුප්පත්කම එන්න එන්නම වැඩි වෙනවා .මෙන්න මේවා ජය ගැනීමටයි ප්‍රමුඛතාව දිය යුත්තේ. නමුත් එහෙම කරන්නෙ නැතුව ඇතැම් දේශපාලඥයින් සහ දේශපාලුවන් කරන්නෙ තමන්ගෙ පක්ෂය තරකර ගන්න මැතිවරණ ඉල්ලනව. මැතිවරණ ඉල්ලන කිසිම කෙනෙක් රට ගැන හිතන්නේ නෑ.රට ගැන හිතෙන කිසිම කෙනෙක් මේ වෙලාවේ මැතිවරණ ඉල්ලන්නෙත් නෑ. මොකද රට තියෙන්නේ මැතිවරණ තියන්න පුළුවන් කාලයක නෙමෙයි .
මේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් විශාල ධනස්කන්ධයක් වැය වෙනවා. එහෙම උනොත් තවදුරටත් පිටරටින් ණයට කන්නයි වෙන්නෙ. අපි හැමදාම පිටරටෙන් ණයට කනවද සංවර්ධිත රටක් කොට ස්වයංපෝෂිත රටක් හැටියට මේ රට දියුණු කරනවා ද කියන එක හැමෝම සිතිය යුතු කාලයක් මේ .
මේ රටේ දේශපාලඥයින්ගේ ඕනෑ එපා කම් වලට රැවටී විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් රට තුළ සිදු කරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා රටේ ප්‍රතිරූපය විදේශ රටවල් වැරදි විදිහටයි දකින්නේ. ඒ තුළින් සංචාරකයින් මෙරටට පැමිණීමත් අඩු වෙලා .
ඒ නිසා බුද්ධිමත් ජනතාව කල්පනා කළ යුතුයි මේ වෙලාවෙ අවශ්‍ය මැතිවරණයක් ද නැතහොත් රට දියුණු කිරීම ද අවශ්‍යතාවය කියන එක .මම මේ රටේ පාලකයින්ට කියා සිටින්නෙ මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නැහැ කියලයි."
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
-
LGPJ Friday, 23 December 2022 12:47 AM
Do not use your vote .
Reply : 0 0
Dayan Friday, 23 December 2022 01:11 AM
Who are you to tell this. Election has nothing to do with nurses.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

