2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් 60ක් ඊයේ (2025.08.19) ශ්රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියන් 7 දෙනෙකුද අයත් වේ.
මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 923 වන කණ්ඩායමයි.
මෑත කාලීනව තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්රවණතාවයක් ඇති වී තිබෙන අතර, ඒ අනුව 2025 වර්ෂය තුළදී තරුණියන් 85 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
රැකියා ලාභීන්ට වසර 4 මාස 10 කාලයක් දකුණු කොරියාවේ රැදී සිටීමට අවස්ථාව හිමිවන අතර, නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවේ.
2024 වර්ෂය තුලදී ශ්රී ලාංකිකයින් 7,122 කු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
