ඇමෙරිකාවේ සිටි ඉන්දියානුවන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ජනවාරි මාසයේ යළි එක්සත් ජනපදයේ සිට ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. මේ අතරින් ඇතැම් පිරිසක් නැවත ඉන්දියාවට පැමිණ ඇති අතර තවත් පිරිසක් ඇමෙරිකාව විසින් පිටුවහල් කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් පැවසුවේ මේසේ පැමිණ පිරිසෙන් 62% ක් පමණ වාණිජ ගුවන් ගමන් හරහා යළි ඉන්දියාවට පැමිණ අඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් පිහිටුවහල් කිරීමට ගත් තීරණයත් සමග මෙම ඉන්දියානුවන් යළිත් ඉන්දියාවට පැමිණ තිබේ. ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඉන්දියාව හරි දේ කරනු ඇති බවයි.
පෙබරවාරි මාසයේදී, එක්සත් ජනපදය එක්සත් ජනපද හමුදා ගුවන් යානයකින් ඉන්දියානුවන් සියයකට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් විලංගු දමා ආපසු ගෙන එන ලද බව වාර්තා විය.