2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද දින (5/13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට (999) ආසන්න ප්රමාණයක් ශ්රී ලාංකිකයන්ට හිමි ව තිබේ.
පිරිමි පුද්ගලයන් 923 ක් සහ කාන්තාවන් 76 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර, සේවා අංශ මෙන්ම ඉදිකිරීම් යන ක්ෂේත්ර සදහා මෙලෙස රැකියා අවස්ථාවන් හිමි වී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්රකාශ කරයි.
එසේම දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් 90 දෙනෙකු සදහා ඊයේ (12) දින අවසන් දැනුවත් කිරිමේ වැඩසටහන හා ගුවන් ප්රවේශපත්ර ලබා දීම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදුකෙරිණි. එම රැකියාලාභීන් පිරිස UL 470 ගුවන් යානයෙන් ඊයේ (12) දින කොරියාව බලා පිටත් විය.