මේ වසරේ මුල් මාස හතරේදී අල්ලස් හා දූෂණ ගැන පැමිණිලි 1726
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම වර්ෂයේ (2025) මුල් මාස හතර තුළදී පැමිණිලි 1726ක් ලැබි ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙයින් පැමිණිලි කමිටුව වෙත පැමිණිලි 1,352ක් ඉදිරිපත්කොට ඇති අතර විමර්ශන කටයුතු සඳහා නියෝග ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 200කි. ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ අල්ලස් පනතට අදාළ නොවීම නිසා විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 450කි. වෙනත් ආයතන වෙත පැමිණිලි 234ක් යොමුකොට ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීමට විමර්ශන අංශය වෙත යොමුකළ පැමිණිලි සංඛ්‍යාව 147කි. වාර්තා කැඳවීමට සහ වෙනත් අමතර කරුණු සඳහා පැමිණිලි 321ක් යොමු කළ බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.
මෙම කාලසිමාවෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 24ක්, දූෂණ සම්බන්ධයෙන් නඩු 07ක්,අයුතු වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් නඩු 02ක් සමග නඩු 33ක් පවරා ඇත.
චන්දන සමරවික්‍රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
