ගාළුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාව සඳහා ප්රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියද අද එක්ව තිබේ.
එහිදි අරගලයේ නිරතව සිටින තරුණ පිරිස වෙත තම සුභ පැතුම් එක්කරමින් ඇය සඳහන් කරනුයේ ගතේ ශක්තිය නැතත් හිතේ ශක්තිය පමණක් බවත් තරුණ පිරිසගේ නැගිටීම තමන්ට විශාල ශක්තියක් බවත් ඇය එහිදි සඳහන් කර සිටියාය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙලෙස පැවසීය,
මම හිතනවා මේ අරගලය පටන් අරන් අවුරුදු ගානක් වෙනවා තනිවම සටන් කලා මේ වෙනුවෙන් මොකද අපි අනාගතය දැක්කා හුඟක් කල් ඉඳලා. හුඟක් අයට කියුවට තේරුනේ නෑ අද අපි ඒකේ විපාක විඳිනවා. ඉතිං අද මට තියන එකම ශක්තිය මේ රටේ තරුණ දරුවන් ටික නැගිටීම ඒත තමයි අපේ ශක්තිය මොකද අපිට ඒ ගතේ ශක්තිය නැහැ අපිට තියන්නේ හිතේ ශක්තිය විතරයි . ඉතිං මේ රටේ ඉන්න දහසක් අම්මාවරු ඕගොල්ලන්ට මේ ශක්තිය දෙනවා අපි ගෙවල්වල හිටියට කන්න නෑ, නිදියන්න නෑ හැමවෙලේම ඕගොල්ලන්ව මතක් වෙනවා ඒ නිසා පුලුවන් පුලුවන් විදිහට මෙතැනට දුවගෙන එනවා ඉතිං ඇත්තටම දරුවනේ මේ රට ගැන ජීවිතේ ලොකු බයක් තිබ්බා අද වෙනකොට ඒක නෑ මම දන්නවා අනිවර්යයෙන්ම ඕගොල්ලෝ ඒක නිවැරදි කරනවා කියලා මේ ලස්සන රටේ අපිට මැරෙන්න අවස්ථාව අරන් දෙන්න දරුවනේ.