හමුදා පාලනයක් සම්බන්ධයෙන් පැතිර යන කථා අසත්‍ය බවත් ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීම අමාරු කටයුත්තක් බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මීට පෙර 60 දශකයේදී පමණ ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීමට සාකච්ඡාවක් පවත්වා තිබුණත් එම සාකච්ඡාවට පැමිණි අයගෙන් පුද්ගලයෙකුම එය වෙනත් පාර්ශව වෙත හෙළි කර තිබුණ බවත් ඔහු පැවැසීය.
"වගකීමෙන් කියන්නේ. එහෙම කිසිම සිතුවිල්ලක්වත් අපේ හමුදාවල නෑ. මේ නිලධාරීන්ගෙන් කිසිවෙකුට හෝ යටතේ සිටින කෙනෙකුට රටේ පාලනය අතට ගන්න ඕන කියලා සිතුවිල්ලක්වත් නැ. අපිට බලය අල්ලන්න අවශ්‍ය නෑ."