
වත්මන් රජය හෝ වෙනත් රජයක් යටතේ හෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීමට පියවර ගන්නා බවත් මේ වනවිට රට හැර ගොස් සිටින දක්ෂ ක්‍රීඩකයින් පවා මේ වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග පවසයි.
ගම්පහ පැවති උත්සවයකදි ඔහු පැවසුවේ ක්‍රිකට් තහනමට ලක්වීමට සිදු වූයේ කෙසේද මේ මෙහි යට සිටින්නේ කවුරුන්ද යන්න සෙවිය යුතු බවත් රටක් පාවාදී තමන් ආරක්ෂාවෙන ක්‍රමවේදයක් ඇති කරනවානම් රටේ ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බවයි.
වැඩි දුරටත් ඔහු සඳහන් කරන්නේ ක්‍රිකට් මතින් යැපෙන පිරිසක් සිටින බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම එක තැනකට පැමිණ මෙය වෙනස් කළ යුතුව ඇතැයිද කීය.
තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොරකම, වංචාව සහ දූෂණය තුරන් කිරීමට ගන්නා උත්සාහයට ශක්තියක් වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් වෙනස් කිරීමට ගනු ලබන උත්සාහය අගය කරන බවත් හෙතෙම මෙහිදී සදහන් කළේය.