මේ අවුරුදු හතර තුළ අපිට කළ හැකි උපරිම දේ අපි කළා - අකිල
මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම යනු 1988න් පසුව එක්සත් ජාතික පක්ෂය නොලැබුණු රාජ්‍ය නායකත්වය නැවත හිමිකර ගැනීම බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය හා කොට්ඨාස මට්ටමින් පැවැති ජනහමු අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හැමදෙනාම කැපවී ක්‍රියාකරන බවත් ජනපතිවරණ ජය හිමිවීමත් සමග ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය තුළ පැවති සියලු මතවාද හමාර කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඒකමතිකව පත්කරනු ලැබීමෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පතා සියලු දෙනා කටයුතු කරන බවත්, ඔහුගේ ජයග්‍රහණයත් සමග ඉදිරි අවුරුදු පහේ දි රටේ ඉතිරි සංවර්ධන ක්‍රියාදාමය සම්පූර්ණ ව හා සාර්ථක ව ඉටුකිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව පක්ෂ හා සංවිධාන 47ක් හංසයාට සහයෝගය දීමට ගිවිසුම් අත්සන් කරන ලද බවත්, රාජපක්ෂ නම් එකම පවුලක් බලයට ගෙනවිත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීමට විරුද්ධව සියලු ප්රගතිශීලී බලවේග එකතු වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදි මහලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේ “2015 දි අපේ ආණ්ඩුවක් පත්කර ගන්නට අපේ ම කියා ජනාධිපතිවරයකු නොසිටි බවත් නිර්පාක්ෂික වෙනවා යැයි එතුමා කිවත් නිර්පාක්ෂිකයෙක් ද කියා පිරිස් දන්නා බවත් මේ අවුරුදු තුනහමාරේ දී ජාතික ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කළ නිසා බොහෝ කටයුතු සිදු කිරිමට නොහැකි වු බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේ වුවත් බාධා මැද කළ හැකි හැමදේම කළ බවත් අවසාන මාස හයේ දී වේගයෙන් වැඩ කිරිමට සිදු වු බවත් මෙහිදි සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
කපිල Monday, 04 November 2019 10:16 PM
අයියෝ උපරිමයද මේ? අපි හිතුව අවමයටත් පහල කියල,
Reply : 0 0
gamunu Tuesday, 05 November 2019 06:46 AM
උපරිම හොරකම කල තමා . ගෙදර යන්න
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:52 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

