මේ වසරේ දකුණු කොරියවට 3469 ක් ගිහින්
ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ ශ්රි ලාංකික තරුණ තරුණියන් 3469 දෙනෙකු සඳහා මෙම වසර තුළදී රැකියා අවස්ථා හිමිවී තිබේ.
දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණයන් 77 දෙනෙකු නොවැම්බර් මස 11 දින දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියන් 2 දෙනෙකුද අයත් වේ.
E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර, සේවා හා කෘෂිකාර්මික යන ක්ෂේත්රවල රැකියා අවස්ථා ශ්රි ලාංකිකයින්ට හිමිවේ. වඩාත් විනිවිදභාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්රමයට තෝරාගන්නා අතර, විභාගය පරිගණක ආශ්රිතව පමණක් පැවැත්වේ. ඒ සඳහා කිසිඳු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා 836 දෙනෙකුද, නිශ්පාදන අංශයේ රැකියා සඳහා 2512 දෙනෙකුද, ඉදිකිරීම් රැකියා සඳහා ලාංකිකයින් 28 දෙනෙකුද, සේවා අංශය සඳහා 32 දෙනෙකු හා කෘෂි අංශය සඳහා දෙදෙනෙකුද මෙම වර්ෂය තුළදී පිටත්ව ගොස් තිබේ.
රැකියා ලාභීන්ට වසර 4 මාස 10 කාලයක් දකුණු කොරියාවේ රැදී සිටීමට අවස්ථාව හිමිවන අතර, නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

