මෙල්බර්න් හා ඩුබායි ගැටලු ආ ගුවන් යානා ගැන පරීක්ෂණයක්
පසුගියදා මෙල්බන් ගුවන්තොටුපොළේදී රඳවා තැබූ ගුවන් යානය සහ යළි මෙරටට එවීමට සිදුවූ ඩුබායි සඳහා පරිහරණය කළ ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්ගමනේදී ගුවන්යානයේ පරිගණක පද්ධතියේ තිබූ දෝෂ හේතුවෙන් යානය මෙල්බන් ගුවන්තොටුපළේ රඳවා තබා ගැනීමට සිදුවූ බවයි.
එසේම එම පරිගණකයේ කොටස්, නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වන විට කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එම පරීක්ෂණ නිම වූ පසු වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන බවද පැවසීය.
මීට අමතරව ඩුබායි සඳහා පරිහරණය කළ ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇතිවූ ගැටලුවක් මත එම යානය නැවත කටුනායක ගුවන්තොටුපළ වෙත එවීමට සිදු වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ගුවන් යානා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ කඩිනමින් නිම කොට අදාළ වාර්තාවල තොරතුරු මත ඉදිරියට මෙවැනි තත්වයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලධාරීන්ට උපදෙස් දී තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වන විට ආරම්භ කර ඇති ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් කමිටුවක් පත් කර ඇති බවයි.
popular news
-
Kumar Tuesday, 25 April 2023 01:31 AM
mata AirCeylon kaalaya mathak wenawa. London yanna katunayaka pamina guwanyanaya pitathwenna dahawana pataye agata gosin apasu pamina pasudina paminene kiyal asala hotelayaka nawaththuwa. Dina dekkat pasu London bala pithath vunaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

