මෙරට ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය.
විටමින් ඩී ඌණතාවය නිසා විවිධ රෝගාබාධ ඇතිවන බව ද සාමාන්‍ය පුද්ගලයන්ට හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් ඩී ලබාගත හැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
සාමාන්‍ය පුද්ගලයකු දිනකට පැය භාගයක කාලයක් සතියකට දින තුනක් බැගින් හිරු එළියට නිරාවණය වීම වැදගත් බව ද නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය.