මෙම වසර තුළ මේ වන විට අලි- මිනිස් ගැටුමෙන් වන අලි මරණ 395 ක් හා මිනිස් මරණ 127 ක් වාර්ථා වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන් අලි මරණ 72 ක් හා මිනිස් මරණ 32 ක් අනුරාධපුර වනජීවී කළාපය තුළ සිදුව තිබේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්ලයායේදී පැවති කෘෂිකර්ම නිළධාරීන් දැනුම්වත්කිරී මේ අවස්ථාවට එක්වෙමිනි.
ලංකාවේම 2021 වන අලි මරණ 344 ක් තීයෙනවා, 2022 වන අලි මරණ 395 ක් කියලා වාර්ථා වෙලා තියෙනවා, වන අලි පහරදීමෙන් මිනිස් මරණ 2021 වර්ෂයේදී 133 කුත්, 2022 මේ වන විට 127කුත් වාර්ථා වෙලා තියෙනවා, ඒකෙනුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා, පසුගිය දිනවලත් අමිහිරි අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා,
සේවකයින්ගේ හිඟය විශාල ලෙස බලපානවා මේ ගැටලුවට,හැබැයි හැමෝම දන්නවා අලුතින් සේවකයින් බඳවා ගන්න බෑ කියලා, ඒ නිසා වනජීවී හා වන සංරක්ෂණ දෙක එකක් කරනවා,මේ විදිහට ආයතන ඒකාබද්ධ කරහම සේවක ප්රශ්නය විසඳාගන්න පුලුවන් වගේම වාහන ප්‍රශ්න, කාර්යාල ප්‍රශ්න විසඳාගන්න පුලුවන්.අපේ ඉලක්කය තියෙන්නේ මේ වන අලි ප්රශ්නය දිගට ගෙනියන්න නෙමෙයි.
හැමදාම මේ ප්රශ්නය විසඳනවා කියලා ඡන්ද වේදිකාවේදීත් කියනවා, ඉදිරි අවුරුදු 02 ඇතුළත වන අලි ගමන් කරන මාර්ග ටික අරිනවා, කොරිඩෝ 16 ක් තියෙනවා, අපි එන අවුරුද්දේ 03 ක් විවෘත කරනවා, සියයට 50 කින් විතර වන අලි ගම්වැදීම අඩු කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. අලි වැට ඉදි කිරීම සඳහා අවශ්‍යය පහසුකම් කඩිනමින් සකස් කරන්න කටයුතු කරන්න. තවත් ආණ්ඩඩුවකට මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඉඩ නොතියා අපි මේ ප්රශ්නය විසඳමු.පරණ විදිහට හිතන් නැතිව අලුත් විදිහට අපි හිතමු යැයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්දදිසානායක, අනුරාධපුර දිස්ත්‍රික්ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුලු රාජ්‍යය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.