මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා වෙඩි තැබීම් 68ක් සිදුව ඇති බවත්, ඉන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“2025 ජනවාරි 01 වැනිදා සිට 2025 ජූලි 13 වැනිදා දක්වා සමස්ථ වෙඩි තැබීම් 68ක් වාර්තා වෙලා තිබෙනවා. මේ 68න් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩි තැබීම්. ඉන් 18ක් වෙනත් පුද්ගලික අරමුණු සිදුවීම් සහ ඉඩම් සම්බන්ධයෙන්, ආරවුල් සම්බන්ධයෙන් සිදු වූ වෙඩි තැබීම්. මේ සමස්ථ 68න් 37 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ මිය ගිය අය අතර 34 දෙනෙක් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ පුද්ගලයන්. ඉන් 3ක් වෙනත් අය. සමස්ථ වෙඩි තැබීම් 68 තුවාල කරුවන් 39 දෙනෙකු වාර්තා වෙලා තිබෙනවා. ඉන් 30ක්ම සංවිධානාත්මක අපරාධ කරුවන් ගණයට වැටෙන සිදුවීම්. ”