මෙගාවොට් 160ක බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතියකට කැබිනට් අනුමැතිය
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව රටපුරා විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි බලශක්ති ගබඩා කරන පද්ධති (සමස්ත වශයෙන් මෙගාවොට් 160/ මෙගාවොට් පැය 640ක) ස්ථාපනය කිරීම සදහා නව රජය විසින් දියත් කළ වැඩපිළිවෙලට අනුව පසුගිය 2025-07-30 දින ටෙන්ඩර් පත් කැදවන ලද අතර ටෙන්ඩර් විවෘත කිරීමේ දිනය 2025-09-16 විය. පසුව ටෙන්ඩර් කාලය 2025-10-14 දක්වා දිගුකර ඇති අතර ග්‍රිඩ් උපපොළවල් 16ක් සදහා ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබුණි.
ඒ අනුව එක් එක් ග්‍රිඩ් උපපොළකට අදාළ වන පරිදි තාක්ෂණික හා අනෙකුත් පිරිවිතරයන් සලකා බලා ස්වාධීන ටෙන්ඩර් කමිටු විසින් ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව මෙම කැබිනට් අනුමැතිය ලබාදී ඇත
Build Own and Operate හෙවත් ඉදිකිර හිමිකරගෙන හා ක්‍රියාත්මක කිරීම යන ක්‍රමවේදය යටතේ 2025-04-28 දින කැබිනට් මණ්ඩලය රැස්වීමේදී ගත් තීරණයකට අනුව අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සම්පුර්න කිරීමෙන පසු ඊයේ (2026-01-02) දින මෙම අනුමැතිය දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

