මුහුදේ දිය නෑමට ගිය පස්දෙනකු අතුරින් දෙදෙනෙකු ගසාගෙන ගිහින්
කඹුරුපිටියේ හෝටලයක සේවය කරන මිතුරන් පස් දෙනකු ඊයේ (25) දහවල් තංගල්ල, කුඩාවැල්ල මෝදර වැල්ලේ දිය නෑමට ගොස් තිබූ ඇති අතර ,ඉන් තිදෙනකු දිය නෑමට මුහුදට බැස ඇත.මොවුන් දියරැලකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ගසාගෙන යන පුද්ගලයන් දුටු ප්රදේශවාසීන්ට ඉන් එක් අයකු බේරාගැනීමට හැකිව තිබූ බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
අතුරුදන් වූ තවත් පුද්ගලයකුගේ සිරුර ඊයේ පස්වරුව වන විට සොයාගැනීමට හැකිව ඇති බව පොලීසිය කියයි.එසේ මියගොස් ඇත්තේ කළුතර පදිංචි රත්නායක මුදියන්සේලාගේ සම්පත් ප්රදීප් කුමාර නමැති 35 හැවිරිදි තරුණයකු ය.
මෝදර වැල්ල දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බව කුඩාවැල්ල මෝදර වැල්ල ආසන්නයේ පදිංචිකරුවන් පොලීසියට පවසා ඇති අතර කඹුරුපිටියේ පදිංචි අහංගමගමගේ උදාර පුෂ්පකුමාර නමැති 25 හැවිරිදි තරුණයාගේ සිරුර සොයාගැනීමට අද (26)උදෑසන වන විටත් නොහැකි වී ඇති බව පොලීසිය කියයි.
අතුරුදන් වූ තරුණයා සොයා ප්රදේශවාසී ධීවරයන් සහ පොලීසිය වැඩිදුර විමර්ශන දියත්කර ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

