පේසාලේ 04 වන කොටස ප්රදේශයේ මුහුදු තීරයේ ඊයේ (16දා) සවස් කාලයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දියේ ගිලී ඇති අතර ස්ථානයේ සිටි පිරිසක් විසින් තිදෙනෙකු දියෙන් ගොඩ ගෙන මන්නාරම රෝහලට අතුලත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු මියගොස් ඇත. එක් අයෙකු දියේ අතුරදන්වී ඇත.මරණකරුවන් වයස අවුරුදු 16 හා 17 ක් වූ පේසාලේ ප්රදේශෙයේ පදිංචිකරුවන් වේ.
දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ පේසාලේ ප්රදේශයේ තරුණයෙකු වන අතර නාවික හමුදාවේ සහය ඇතිව අතුරුදහන් අය සොයා මෙහෙයුම් ක්රියාත්මක අතර පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.