මුහුදේ ගසාගෙනන ගිය 154 කුගේ දිවි බේරා ගෙන
දිවයින වටා පිහිටි මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටියදී රල පහරට හසුව ගසාගෙන යමින් සිටි පුද්ගලයන් 154 කුගේ ජීවිත මෙම වසර තුළදී බේරා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පොලිස් ජීවිත ආරක්ෂක නාවික කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විජේසිරි මහතා පැවසීය.
ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා මෙරට කුඩා දරුවන් 15 කු ඇතුළු පුද්ගලයන් 78 කු , මෙන්ම විදේශීය කුඩා දරුවන් 5 වෙනකු ඇතුළු 76 දෙනෙකුගේ දිවි එලෙස බේරාගෙන ඇතැයි හෙතෙම පැවසීය.
එම පිරිසගේ දිවි බේරා ගැනීමට දිවයින පුරා පිහිටි පොලිස් ජීවිත ආරක්ෂක ඒකක 68 ක නිලධාරීන් 268 කු දිවි පරදුවට තබා කටයුතු කර ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් ජීවිත ආරක්ෂක නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් එන් ගුණවර්ධන මහතාගේ පූර්ණ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විජේසිරි මහත්වරුන්ගේ මග පෙන්වීම අනුව මෙම නිලධාරීන් කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

