මුහුදුබඩ දුම්රිය මාර්ගයට අයත් ඉදුරුව, ගිංතොට, දොඩන්දුව යන පාළම් දුර්වල පාළම් ලෙස හදුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශය මගින් එකි පාළම්වල කල්පැවැත්ම පිළිබද ඉදිරි සති දෙක තුල පරික්ෂණයක් කිරිමට නියමිතව ඇති බැව් ශ්‍රිලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ප්‍රධානියා එම පාළම් පරික්ෂාකළ බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව 2001 වර්ෂයේ දි ඉන්දියානු ණය ආධාර යටතේ මෙකි පාළම් තුන මාරුකළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. 2018 වර්ෂය වනතෙක් මෙකි පාළම් කිසිදු මල බැදිමක් නොමැතිව හොද තත්ත්වයෙන් පැවති බවත් එහෙත් පසුගිය වර්ෂයේ සිට පාළම් තුනේ මල බැදිම නිසා එය නඩත්තු කිරිමට පවා නොහැකි තත්ත්වයකට පත්වු බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2023 වර්ෂයේ දිත් මෙම පාළම් තුන අලුත් වැඩියා කළ බවත් වසර එකහමාරකින් පසු නඩත්තු කිරිමට නොහැකි අයුරින් පාළම්වල මල බැදි ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
චන්දන සමරවික්‍රම