කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී ඊයේ (15දා) රාත්රී පීලිපැනීමට ලක්ව තිබේ.
මේ හේතුවෙන්දු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී තිබේ. මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතී.