යුද සමයේදී නාවික හමුදා යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කළ කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බලකායට අයත් මරාගෙන මැරෙන බෝට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බව යුද හමුදාව පවසයි.
මුලතිව් ධීවරයින් පිරිසක් විසින් චලෙයි කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ සැක කටයුතු බෝට්ටුවක් දැක ඒ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා බුද්ධිඅංශයට දැනුම් දීමෙන් අනතුරුව 68 වන සේනාංකයේ 681 බලසේනාංකයේ 09 වන ජාතික ආරක්ෂ බලමුලුවේ සෙබලුන් හා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී ඊයේ (27දා) දින මෙම බෝට්ටුව සොයාගනු ලැබීය.
සොයාගත් මරාගෙන මැරෙන බොට්ටුව සාමාන්‍ය ධීවර යාත්‍රාවක් ලෙසින් සකසා එහි බඳකොටසේ බෝම්බ සවි කොට එය ආවාරණය කොට තිබූ අතර යුද සමයේදී මුහුදු කොටි බලකාය විසින් මෙම මරාගෙන මැරෙන බොට්ටු භාවිතයට ගත් බවට යුදහමුදාව සැකපල කරන ලදි.
මරාගෙන මැරෙන බෝට්ටුව පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් නියෝගයකට පරිදි අද (28දා) දින මුලතිව් චලෙයි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.


