මෙම වර්ෂයේ (2026) මුල්මාස දෙක තුලදි (ජන-පෙබ) අල මෙට්‍රික්ටොන් 32578ක් මෙරටට ආනායනය කොට ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලසිමාව තුල අල මෙට්‍රික්ටොන් 33,403ක් ආනයනය කොට තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ මුල්මාස දෙක තුල අල ආනයනය මෙට්‍රික්ටොන් 825කින් අඩු වි ඇත.
2024 වර්ෂය තුල දි අල මෙට්‍රික්ටොන් 180,121ක්, 2025 වර්ෂය තුලදි අල මෙට්‍රික්ටොන් 186,145ක් මෙරටට ආනයනය කොට තිබුණි. 2025 යල කන්නයේ දි අල මෙට්‍රික්ටොන් 14,360ක් දේශිය අල ගොවින් විසින් නිෂ්පාදනය කොට තිබුණි. මේ අතර දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් ගොවින්ගෙන් මිලදී ගැනීම ආරම්භකොට ඇති බැව් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.