මුලතිව් මුහුදේ නාන්න ගිය සහෝදරයන් තිදෙනෙක් ගසාගෙන යයි
මුලතිව් සෙම්මලෙයි මුහුදුවෙරල තීරයේදී ඊයේ (10) සවස දිය නෑමට ගොස් රලපහරට ගසාගෙන ගිය යාම හේතුවෙන් එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු මේ වනතුරුත් අතරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
සෙම්මලෙයි මුහුදු වෙරල තීරය මේ දිනවල දැඩි රලු ස්වභාවයක් පවතින අවස්ථාවක එහි දිය නෑමට නුසුදුසු බවට ආරක්ෂක අංශ විසින් දැනුවත් කොට තිබියදී එය සැලකිල්ලට නොගෙන යාපනයේ සිට පැමිණි අදාල තරුණයින් සෙම්මලෙයි මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඇති බවට අනාවරනය වෙයි.
මුහුදු වෙරලේ දියනාමින් සිටි සොහොයුරන් තිදෙනාගෙන් එක් සොහොයුරෙකු පළමුව රලපහරට හසුව ගසාගෙන ගොස් ඇති බවටත් අනතුරුව එම සොහොයුරා බේරාගැනීමට උත්සහ ගත් සෙසු සොහොයුරන් දෙදෙනාද රලපහරට හසුව ගසාගෙන ගිය බවට මුහුදු වෙරල අවට සිටි පිරිස් පොලීසියට පවසා සිටියහ.
දිය නෑමට ගොස් මෙලෙස අතුරුදහන්ව ඇත්තේ එකම පවුලේ සොහොයුරන් වූ යාපනය ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පද්මනාදන් විශ්වනාදන් , 26 හැවිරිදි පද්මනාදන් විජිත් සහ 22 හැවිරිදි පද්මනාදන් විජිත්රන් නැමති අය බවට හඳුනාගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

