ගෝඨාගෝගම අරගලයට මෙරට ප්රවීණතම ගායන ශිල්පියෙකු ටී.එම් ජයරත්න මහතාද අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයට එක්ව තිබේ.
මිනිසුන් පාරට බැස ඇත්තේ දුක් විඳීමේ උපරිම සීමාවට දුක විඳිමෙන් පසුව බවත් හැකි ඉක්මනින් මෙහි වෙනසක් සිදුවිය යුතු බවත් එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේය.
"පක්ෂ පාට නැති, ජාතිභේද නැති, කුළ මල භේද කිසිවක් කොතනකවත් නැති මහජනතාව වෙනුවෙන් හඬක් නගන්නයි අපි ආවේ. මේ මහජනතාවටයි මගේ ප්‍රණාමය. ඇයි මේ ඇවිල්ලා ඉන්නේ දුක් විඳගෙන දරුමල්ලො එක්ක මේ ටෙන්ට් අස්සේ ඇයි මේ ඇවිල්ලා ඉන්නේ උපරිම විදිහට දුක විඳලා විඳලා බැරිම තැන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙම මේ ඇවිත් ඉන්න ජනතාවට මගේ ප්‍රණාමය මම පුදකරනවා
මේ කෑ ගහන්නේ ඒ වෙනස උදෙසා තමයි කෑගැහුවට අපි දන්නේ නැ ඉතිං තවමත් නිහඬයි කියන්න දෙයක් නෑ ඉතිං. මට කියන්න තියන්නේ අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ කියලා තමයි. මුන්ට කාටවත් ඇහෙන්නේ නෑ මේවා ඒ නිසා දේවාලේ දොරවල් ඇරගෙන එළියට එන්න දැන්. මේ දුක් විඳින්නේ කෝටිගනන් මිනිස්සු. දරු මල්ලෝ එක්ක මෙතැනට ඇවිල්ලා ඉන්නේ සැප විඳින්න නෙමෙයි."