පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන හැර අනෙකුත් මුද්‍රණ ද්‍රව්‍ය මැතිවරණ කොමිෂමට භාරදුන් බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.
ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත් කර මුද්‍රණ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදී මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලැබීමෙන් පසුව බවද මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය 'අද^'කළ විමසීමකදී සඳහන් කළාය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රුපියල් මිලියන 190කට වැඩි මුද්‍රණ කටයුතු සිදුකර තිබෙන බවත්, ඒ සඳහා රජයේ මුද්‍රණාලයට තවමත් ලැබී තිබෙන්නේ රුපියල් මිලියන 40ක පමණ මුදලක් බවත් ඒ මහත්මිය පවසා සිටියාය.
දිස්ත්රිකක 17කට අදාළව ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන මුද්‍රණය කර තිබෙන බවත්, ඒවා සුරක්ෂිත ලෙස මුද්‍රණාලයේ පවතින බවත් මුද්‍රණාලාධිපතිනිය පවැවසුවාය.
අනෙකුත් මුද්‍රිත කඩදාසි වර්ග මැතිවරණ කොමිසමට භාරදීමට කටයුතු කර තිබෙන බවත්, එලෙස භාරදුන් තොගවලින් තවත් කොටසක් මැතිවරණ කොමිසමට රැගෙන යාමට තිබෙන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.