මුදල් සඳහා අනුමැතිය ගැනීමට වහාම පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි විශ්වාස කරනවා - SJB
දැනට සම්මත අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණක් බැවින්
පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැඳවන දිනයට ඔබ්බෙන් මිස මේ කාලය තුළ මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිට හෝ මුදල් ඇමතිට නොමැති බැවින් කොරොනා උවදුර මඩින්නට අවැසි අරමුදල් සම්පාදනය සදහා ව්‍යවස්ථාමය අනුමැතියක් අවශ්‍ය හෙයින් වහාම පාර්ලිමේන්තුව කැදවා ඊට අනුමැතිය ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, බහුතර බලය විපක්ෂය සතු උවද එවැනි අනුමැතියක් සදහා උපරිම සහය ලබා දෙන බව සමගි ජනබලවේගය සන්ධානය පවසයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (30 දින) සමගි ජනබලවේගයට අයත් දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඒකාබද්ධ සාකච්ඡාවේදී මෙම අදහස් පළ වී ඇත.
එම සාකච්ඡාවේදී, රෝගයේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාප්තිය සලකා බලා මෙය මර්ධනය කිරීම රාජ්‍ය කටයුත්තක් බැවින් එය මර්ධනය උදෙසා රාජ්‍ය යාන්ත්රනයට සම්පූර්ණ සහය දීමටත් මෙහිදි එකඟතාවය පල වී තිබේ.
ඇදිරිනීතිය නිසා රටේ පවතින ආහාර හා ආදායම් අහිමිවූවන් මෙන්ම දුගීකමේ පත්ලෙහි සිටින ජනතාවට නොමිලේ වියලි සලාකයක් දියයුතු බවත්, එමෙන්ම අනෙකුත් ආදායම් සහිත,නමුත් මේ මොහොතේ අසරණව සිටින පිරිස්වලටද එකී වියලි සලාකය ලබා දියයුතු බව ද ඔවුන් යෝජනා කර සිටියි. එය සෑම සතියකම ලබා දියයුතු අතර වැදගත්ම කාරණය වන්නේ ග්‍රාමනිලධාරීගෙන් පටන්ගෙන රාජ්‍ය නිළධාරීන් ලවා එය ක්‍රියාත්මක කිරීම බවත්, මෙයට ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධ කරගැනීම ගැන අපගේ පිළිකුල සහ දැඩි විරෝධය පළ කරන බවත් කියා සිටියි.
මේ ගැන මැතිවරණ කොමිසම ද පියවර ගතයුතු යැයි අවධාරණය කරන අතර, ජනතාවට පක්ෂ පාට කුල මල භේදයකින් තොරව ආහාර නැමති මූලික අවශ්‍යතාව ලැබිය යුතුයැයි අපි අවධාරණය කරන බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එමෙන්ම රටේ ඖෂධ හිගය,උපකරණ හිගය පිළිබදව තොරතුරු වාර්තා වූ බවත්, එහෙයින් නොපමාව එකී හිගයන් වලට පිළියම් යෙදිය යුතු බවත්, එමෙන්ම ඖෂධ විධිමත්ව රෝගීන්ට ලබා දීමට ග්‍රාමනිලධාරීන් හා සෞඛ්‍ය ක්ශේත්‍ර නිළධාරීන් හරහා වැඩ පිළිවෙළක් සැකසීම පිළිබදව රජයේ අවධානය යොමු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ඒ සදහා රජයේ සහ පෞද්ගලික ඖෂධ ශාලාවල සහය මෙන්ම අනෙකුත් ආයතනවල සහය ලබා ගන්නා ලෙසට දේශපාලන පක්ෂ නායකයින් යෝජනා කර සිටියි.
මෙම උවදුර පරාජය කිරීම උදෙසා රජයට,නිළධාරීන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ඔවුන් සියලු පාක්ෂිකයන්ගෙන් සහ රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
-
Devinda Uduwara Monday, 30 March 2020 11:19 PM
At this crucial moment your co-operation is vital.
Reply : 0 0
Gamini Avbheyadeera Tuesday, 31 March 2020 04:42 AM
me minihata den nam hondatoma pissu
Reply : 0 0
Gamarala Tuesday, 31 March 2020 06:36 AM
Anyway come to power is only motivation. Why parliament?issue a officiaal letter that grantinng your power.
Reply : 0 0
Lelwala Tuesday, 31 March 2020 07:14 AM
It is not give any benefit for the people.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

