ඇල්ල බල්ලකෙටුව නාවෙළගම මැතිවරණ නිවාස යෝජනා ක්‍රමය ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ අඹු සැමි යුවලකට මුණුබුරෙකු විසින් 04 දින රාත්‍රි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගොවිතැන් කටයුතු කරමින් ජීවිකාව ගෙන ගිය දෙදෙරු පියෙකු හා මවක වන රාජපක්ෂ දේවයලාගේ ඇඩ්ඩින් (75) සහ එදිරිමුණි දේවයලාගේ ගුණවතී (69) යන අඹු සැමි යුවලකි,
මෙම ඝාතනය මියගිය අඹුසැමි යුවළගේ දියණියගේ පුතණුවන් වන මුණුපුරා විසින් තියුණු ආයුධයකින් පහරදී සිදුකර ඇති බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු හා මියගිය අඹු සැමි යුවල එකම නිවසේ පදිංචිව ඇති බවත් සැකකරු උදේ කාලයේ නිවසෙන් ගොස් අදුර වැටෙද්දී නිවසට පැමිණීම දිනපතා සිදුවන අතර 04 දින රාත්‍රි නිවසට පැමිණි සැකකරු මෙම ඝාතනය සිදුකර තිබේ.
සැකකාර මුණුපුරා 04 දින රාත්‍රි මෙම අඹු-සැමි යුවළගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇතිකරගෙන ඇති බවත් මුදල් නොදීම නිසා පසුව ඔහු තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇති බවට තොරතුරු ලැබුණු බව පොලිසිය පවසයි.
බරපතල කැපුම් තුවාල ලැබූ අඹුසැමි යුවළ දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේන් පසු මියගොස් තිබෙන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙළ මහේසත්රාත්වරයා ස්ථානීය පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබේ.
යුධ හමුදාවේ සේවය කර අති බව කියන22 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේන අතර බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතාගේ උපදෙස් මත බල්ලකැටුව පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.
ප්‍රසන්න පද්මසිරි