මුතුරාජවෙල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග
මුතුරාජවෙල අභය භූමිය සීමාවේ අනවසරයෙන් නීති විරෝධීව ගොඩ කරනු ලැබූ වගුරුබිම් වල ගොඩ කිරීම් ඉවත් කරන ලෙස එම භූමි ගොඩකරනු ලැබූ පුද්ගලයන්ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අප ද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රා රාජ්‍ය අමාත්‍යාංශ යේ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නියෝග කොට ඇත.
ලිඛිත අවසරයකින් තොරව කොළඹ කටුනායක අධිවේගයේ ජා-ඇල පිවිසුම් මාර්ගය දෙපස ගොඩ කර ඇති වගුරු බිම් සම්බන්ධයෙන් මෙලෙස නියෝග ලබා දී තිබේ.
අදාළ නියෝග ප්‍රකාරව ගොඩ කිරීම් ඉවත් නොකළහොත් නැවත කිසිදු දැනුම් දීමකින් තොරව ඊට එරෙහිව තහනම් නියෝග ලබා ගැනීමට හා අවශ්‍ය පියවර ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බවද එම නියෝගයෙහි දැක්වෙයි.
ආදාල බලධාරියා විසින් මේ සම්බන්ධයෙන් නීති විරෝධී ගොඩ කිරීම් කළ අයට ලිඛිතව මෙම නියෝගය කර ඇති අතර මේ සම්බන්ධයෙන් පිටපත් මගින් ජා-ඇල ප්‍රාදේශීය ලේකම්වරයා, ජා-ඇල නගර සභාව හා ජා-ඇල පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.
ජා ඇළ ප්‍රසංග පෙරේරා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

