කොළඹ පුරපතිධුරය සඳහා තරග වැදිමට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වෙනුවට හිටපු අමාත්‍යවරයෙක් වන ඒ.එච්.එම. ෆවුසි මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
මේ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබේ. කොළඹ පුරපතිධුරය සඳහා තරග වැදීමට රහුමාන් මහතා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.