මුඛ ආවරණ පැළද නොසිටි වෙළෙන්දුන්ට නඩු පවරයි
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරි නීතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණෙන ජනතාවට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔවුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන ආරක්ෂණ මහතුන් ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබීය.
මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය සිදත් රෝහන මහතාගේ නියමයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක මහතා ඇතුලු නිලධාරින් පිරිසක් නරගරය පරික්ෂා කිරිමෙන් අනතුරුව සෞඛ්‍ය නිති රිති උල්ලංඝනය කල (මුඛ ආවරණ පැළද නොසිටි) වෙළෙදුන් 05 ක් හට මහියංගණ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබීය.
එසේම පරික්ෂා කරන ලද වෙළෙන්දන් අතරේ පරිභෝජනයට නුසුදුසු හා කල් ඉකුත් වු ද්‍රව්‍යන් අලෙවි කරන ලද ව්‍යාපාරිකයෙකු හටද නඩු පැවරීය.
ඒ අනුව ව්‍යාපාරිකයන් 06 දෙනෙකු හට නඩු පවරනු ලැබීය.
මහියංගණ - රංජිත් කරුණාවිර

popular news
-
Don Tuesday, 28 April 2020 07:33 PM
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෝ කියන්නේ මුඛ ආවරණ අනවශ්‍යයි කියල PHI ල පොලිසිය කොහොමද එයාලට විරුද්දව නඩු දාන්නේ ? පබා නොනගෙන්ම අහල බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

