මධ්‍යම අධිවේගී මාර්ගය හා කඩවත සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මෙම ඉදිකිරීම් අවසන් වූ විට මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වන විට වැඩ අවසන් කර ඇති කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මාර්ග කොටස සම්බන්ධ වීම හරහා දක්ෂිණ අධිවේගය මෙන්ම කටුනායක අධිවේගය සම්බන්ධ වෙයි.
එසේම නුදුරේදීම වැඩ අවසන් වීමට නියමිතව ඇති මධ්‍යම අධිවේගයේ කුරුණෑගල සිට රඹුක්කන දක්වා වූ කොටසද සම්බන්ධ වෙනු ඇත.