මීතොටමුල්ල කුණු කන්ද “නාගරික උද්‍යානයක්” බවට පත්කිරීමට පසුගිය රජය රුපියල් මිලියන 430 ක් රජයේ මුදල් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹුව ද පසුගිය රජය කාලයේදී ම එහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මීතොටමුල්ල කුණු කන්ද නාගරික උද්‍යානයක් බවට පත්කිරීමට පසුගිය රජය සකස් කර තිබූ ව්‍යාපෘති සැලසුම පිළිබදව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකළ පරීක්ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එම තොරතුරු අනාවරණය වීමත් සමඟම විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා, විසින් රජයේ කිසිදු මුදලක් වැය නොකර මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ස්ථානය කොලොන්නාව නගරයට පහසුකම් සපයන ස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් අරඹන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාට උපදෙස් ලබාදී ඇත. මෙම ස්ථානයට කැලි කසළ බැහැර නොකරන අතර එම ස්ථානය කොළොන්නාව නගරයේ ප්රයේාජනයට යොදාගැනීමට සැලසුම් කර ඇත.