අම්බලන්ගොඩ මීටියාගොඩදී අද පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදි මියගිය පුද්ගලයා පසුගියදා රත්ගම ප්ර දේශයේදී හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් වන බාලේන්ද්රසිං මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් බවට තොරතුරු වාර්තා වී තිබේ.
වයස අවුරුදු 42ක් පමණ වූ වාද්දූව ප්රදේශයේ පුද්ලයෙක් එස්.ටී.එෆ්. වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් නිවසක රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව එම ස්ථානය පරීක්ෂා කිරිමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.