මීටියාගොඩ තරුණයාගේ ඝාතකයින් අත්අඩංගුවට
මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසලද තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළතරුණයාගේ සැකකරුවන් හතරදෙනා භාරවීමෙන් අනතුරුව අද (27 ) සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ සැකකරුවන් හතරදෙනාගෙන් කළ ප්රශ්න කිරීමේදී ඔවුන් මේ ඝාතනය සිදු කිරීමට ප්රයෝජනයට ගත් කඩු වැනි දිග මන්නා පිහි දෙකක් සගවා තිබියදී සොයාගත් බවද පොලීසිය කියයි.
සැකකරුවන් අතින්ඝාතනයවූවේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවත ලිපිනයේ පදිංචි යූ.එච්. තරිදු ගුනසේකර නමැති විසිහතර හැවිරිදි තරුණයෙකි.
මේ ඝාතනයේ සැකකරුවන් හතරදෙනා අද (27 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සදහා රැදවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය කියයි.
ඇල්පිටිය පොලිස් අධිකාරී සතිස් ගමගේ ,අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි රත්නායක,මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ ,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශෙහාන් ඩිලංක ,පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන යන මහත්වරුන් කණ්ඩායමක් මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වති.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත සහ ඇත්කදුර ජන්ක් ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

