මීටරේ හදන තෙක් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්න
කෝවිඩ් 19 වසංගතය වෙනුවෙන් නිකුත් කළ රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව තුළ මීටරයේ පරතරය තබා ගත නොහැකි බවත් ඒ අනුව වහාම පාර්ලිමේන්තුව රැස්වීම් කල් දැමීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැදිහත්ව මීටරේ පරතරය තිබෙන ආකාරයෙන් මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමෙන් අනතුරුව යළි පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව ඊයේ (19දා) ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
රටේ ජනතාවට එක් නීතියක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් නීතියක් ක්‍රියාත්මක කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ඔහු පැවැසීය.
“මිනුවන්ගොඩ බලප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් ආරම්භ වුණ අපේ රටේ දෙවන කෝවිඩ් රැල්ල සමාජ ව්‍යාප්තියක් කරා අද වර්ධනය වෙලා තිබෙනවා.
මේ නව රෙගුලාසි තුළ ඉතාමත් තදින් ප්‍රකාශ කරලා තියෙනවා මුව ආවරණ පැලදවීමත්,ඒ වගේම දෙදෙනෙක් අතර තිබෙන දුරස්ථභාවය මීටරයක් දුරින් පවත්වා ගැනීමත්. විශේෂයෙන්ම රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය දිහා බැලුවම මේ නව රේගුලාසි අනුව ප්‍රකාශයට පත් කරලා තිබෙන මේ මීටරයේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ.
රටේ ජනතාවට එක නීතියක් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නට ඉඩ තබන්නට බැහැ. පාර්ලිමේන්තුව හරහා තමයි මේ රටේ නීතිය හදන්නේ.පාර්ලිමේන්තුවෙන් නිර්මාණය වූ නීති හරහා රෙගුලාසි නිකුත් කරලා ඒ රෙගුලාසිම මන්ත්‍රීවරුන් කඩ කිරීමේ තත්වයකට ලක්වන විට ඇත්ත වශයෙන්ම මේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ ඒක විහිලුවක් බවට පත් වෙනවා.
ඒ නිසා විශේෂයෙන්ම මේ සමාජ පරතරය මීටරයේ පරතරය ස්ථාපිත වන ආකාරයට පාරලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවස්ථාව සකස් කළ යුතු වෙනවා. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම් අත්හිටුවන්න ඕනි කියලා. ඒ අනුව මේ රෙගුලාසි වලින් යෝජනා කරන මීටරයේ පරතරය ස්තාපිත කිරීමෙන් පසුව අපිට පුලුවන් පාර්ලිමේන්තු රැස්වීම් රටේ නීතියට අනුව සහ කෝවිඩ් රෙගුලාසි වලට අනුව පවත්වාගෙන යන්නට.”
popular news
-
Lelwala Tuesday, 20 October 2020 08:35 AM
Country people cannot understand this leader. 1. They went to the court tender the parliament after dissolved (by that time covid is worsened.) 2. They went to the court postponed the election. 3. Once again they want to postpone parliament . Seems to be he is not normal.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 20 October 2020 09:50 AM
එදා කෝවිඩ් පැතිරෙණකොට විසඳුමක් වශයෙන්, විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න යෝජනා කළ අය අද කෝවිඩ් පැතිරෙණකොට විසඳුමක් වශයෙන්, ජනතාව පත් කරගත්ත පාර්ලිමේන්තුව කල් තබන්න යෝජනා කරනවා. අනේ මෙතරම් ඉක්මනට මතකය අමතෙක වෙන හැටි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
