රුපියල මත පීඩනය ඇතිවන පළමු අවස්ථාවේදීම විනිමය අනුපාතය මුදා හැරීමෙන් සරුංගලයක නූල කැඩුනාක් මෙන් රුපියලට සාපේක්ෂව ඩොලරය අහස උසට නගින බවත් ආණ්ඩුව කළේ විනිමය තහංචි පනවා ක්‍රමානුකූලව විනිමය අනුපාතය මුදා හැරීමට කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය .
මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්) ඒ බව අවධාරණය කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“රටට ගලා එන විදේශ මුදල් ප්‍රමාණය බරපතළ ලෙස පහළ යන විට විනිමය තහංචි සඳහා යොමුවීමට ඕනෑම රජයකට සිදුවනවා. විපක්ෂය පැවසූ පරිදි රුපියල මත පීඩනය ඇතිවන පළමු අවස්ථාවේදීම විනිමය අනුපාතය මුදා හැරියේ නම් අද රුපියලට සාපේක්ෂව ඩොලරය තවත් ඉහළ යන්නටඉඩ තිබුණා .
පසුගිය කාලයේ විපක්ෂය ඉල්ලීම් කලා විනමය අනුපාතය මුදාහරින්න කියලා. ඔවුන් බැලුවේ රුපියල අවප්‍රමාණය වීම ඔස්සේ රටේ අර්බුද වැඩි වෙනවා දකින්නයි. මේවා බලය අල්ලා ගැනීමේ උවමනාවෙන් කරන යෝජනා.
සුඛෝපභෝගී භාණ්ඩ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග වලට රජය යොමු වුණේ බරපතල ලෙස රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය අඩු වීම නිසයි. මෙහිදී කවුරුන් හෝ කියනවා නම් පීඩනය ඇතිවන පළමු අවස්ථාවේදීම විනිමය අනුපාතය මුදාහරින්න කියලා ඒකෙන් වෙන්නේ ඩොලරයේ අගය ඉහළ ගොස් රට තව තවත් ප්‍රපාතයට යාමයි .
සාමාන්‍යයෙන් අපේ රටේ වාර්ෂිකව 25000 ක පමණ පිරිසක් අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා . විදේශ විශ්ව විද්‍යාල වලපළමු දෙවනහා තෙවන වසර වල අධ්‍යාපනය ලබන පිරිස සැලකුවොත් 75000ක් පමණ වෙනවා. බංගලාදේශයටත් අපේ ළමයි යනවා.
අපිට පුලුවන්නම් බංග්ලාදේශය වගේ විදේශ රටවල ළමයි අපේ රටට කැඳවා ගන්න විදේශ මුදල් විශාල ලෙස ඉතිරි කරගත හැකියි.වාර්ෂිකව ඩොලර් බිලියන 1.5 ක් වගේ මුදලක් විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන සිසුන් වෙනුවෙන් පිටරට ඇදිලා යනවා .එය වැළැක්වීමට නම් දේශීය වශයෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි .අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම ඔස්සේ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යනවා කියලා නෙවෙයි අපි කියන්නේ . නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගනිමින් පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දිය යුතුයි . මෙවැනි තත්වයන් රැකගත් බංගලාදේශය, ඉන්දියාව ඇතුළු රටවල් වල විදේශ සංචිත ඉහළ ගිහින් තිබෙනවා”
ෂේන් සෙනෙවිරත්න