හෝමාගම ප්‍රා දේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පැමිණි මෝටර් රථය හා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබුණ අතර වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය විසින් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකටයුතු මෝටර් රථය තංගලම පාලම් තුන හංදිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
මෝටර් රථය තුළ තිබී අයිස් ග්‍රෑම් 10.6ක්, රිවෝල්වර අවියක්, පතොරම් 14ක් සහිත ගැබක්, ජංගම දුරකතන 8ක් හා බැංකු කාඩ්පත් හතරක් සොයාගෙන තිබේ. පිස්තෝල අවිය මෙම වෙඩි තැබීම සඳහා භාවිත කළ අවිය බවට සැකකරු පොලීසයට පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන අත්තිඩිය දෙහිවල පදිංචිකරුවෙකි.