මීගමුව, කුට්ටුදූව ප්රදේශයේ නිවසකට අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.
මේ අතර පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්රදේශයේ වෙළෙඳසැලකටද අද පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.