මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු මරණයට පත්ව තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ 50ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව වාර්තා වෙයි.
බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිව තිබුණි. තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින් ද නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ද කැඳවා තිබේ.
ඊයේ (05) දිනද බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන්ද රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ට අධික පිරිසක් තුවාල ලැබීය.