මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක්
2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ හදිසි තත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚ එය අපරාධ ස්ථානයක් බවටද සැලකේ. එහෙයින් එම පරිශ්‍රය තුල රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේ හෙයින්, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
එසේම‚ දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාර වල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුභසාදනය සලකමින් පවතින බන්ධනාගාර වලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇති හෙයින් මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් "මහමෝදර" සහ "පැරණි බෝගම්බර" පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
